ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කළේය.ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේ පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේ දී තීරණයට එළඹිණි.එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වූ මෙම කළමනාකරණ කමිටුවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්රමුඛ එජාප නායකයෝ ද සහභාගී වූහ.