මීළඟ ජනපති දැන ගත හැකි ක්‍රමයක් නැද්ද?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය විසින් අපූරු ආකාරයේ අභියෝගයක් එල්ල කොට ඇති බව දක්නට හැකි විය. ඒ මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙකු ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අනාවැකියක් පළ කරන ලෙසය. පසුගිය මැකිවරණ අවස්ථාවල දී ජ්‍යොතිෂය ඇසුරු කරගනිමින් මෙවැනි අනාවැකි පළ කරනු දක්නට ලැබුණු අතර එසේ නොවන ක්‍රම ඔස්සේ ද ඇතැම්හු අනාවැකි පළ කරති. මේ අභියෝගය එල්ල කළ ඇත්තේ මිත්‍යා හෝ වේවා එසේ නොවන ක්‍රම ඔස්සේ හෝ වේවා නිවැරදි අනාවැකියක් පළ කරන ලෙසය.

මෙවර ජනාධිපතිවරණය මෙයට පෙර පවත්වන්නට යෙදුණු ඒවාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට බොහෝ දෙනා තුළ අදහසක් ඇති බැවින් මෙවර ජයග්‍රහණය කරනුයේ කවර අපේක්ෂකයා ද යන්න දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ නළියන සුළු කැමැත්තක් පවතින බැව් පෙනේ. බොහෝ දෙනෙක් පවසන්නේ මෙවර තියුණු තරගයක් දක්නට හැකි වනු ඇති බවය. සැබවින්ම එවැනි අනාවැකියක් පැවසිය හැකිද?

මෙවර ජනාධිපතිවරණය මෙයට පෙර පවත්වන්නට යෙදුණු ඒවාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට බොහෝ දෙනා තුළ අදහසක් ඇති බැවින් මෙවර ජයග්‍රහණය කරනුයේ කවර අපේක්ෂකයා ද යන්න දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ නළියන සුළු කැමැත්තක් පවතින බැව් පෙනේ. බොහෝ දෙනෙක් පවසන්නේ මෙවර තියුණු තරගයක් දක්නට හැකි වනු ඇති බවය. සැබවින්ම එවැනි අනාවැකියක් පැවසිය හැකිද?

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එවැනි අනාවැකි ගුප්ත ක්‍රම ඔස්සේ පළ කළ හැකි බවය. නමුත් පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී ජ්‍යෝතීර්වේදීන් යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් දේශපාලන වාසි ලබා ගැනීමේ ලාබ පරමාර්ථයෙන් බොරු අනාවැකි පැවසීම නිසා බොහෝ දෙනෙකු තුළ එවැනි ගුප්ත ක්‍රම පිළිබඳව ද එතරම් විශ්වාසයක් නොමැති බව පෙනෙයි. අවසානයේ සිදු වූයේ වසර දහස් ගණනක් තිස්සේ යම්කිසි ශාස්ත්‍රීය පදනමකින් පැවත ආ විද්‍යාවක් මිනිසුන් අතර අවඥාවට ලක්වීම පමණි. කෙසේ නමුත් මෙවැනි ගුප්ත ක්‍රම හැරුණු විට අනාවැකි පළ කළ හැකි වෙනත් ක්‍රම නැතිද යන්න අප ඉදිිරියේ ඉතිරි වෙන ගැටලුවකි. සොයා බලන විට පෙනෙන්නේ ගුප්ත ක්‍රම හැරුණු විට එවැනි ක්‍රම ද පවතින බවය.

‘දේශපාලන සවිඥානය’ (Political Sense) ඒ අතරින් එකකි. මෙහිදී සිදුවන්නේ පවතින දේශපාලනය පිළිබඳ පවතින ප්‍රමාණික දැනුම භාවිතයෙන් අනාවැකි පළකිරීමය. මෙය පුද්ගල බද්ධ දෙයක් වන අතර දේශපාලන දැනුමේ පරිමාණය මත පළකරන අනාවැකියේ නිරවද්‍යතාව ද තීරණය වේ.

සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වූවන්, අශ්වයින් මත ඔට්ටු අල්ලනවා හා සමානවම දේශපාලන අපේක්ෂකයන් මත ද ඔට්ටු අල්ලනු සුලභව දක්නට හැකිය. එහිදී ඔවුන් සිදු කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයා මත පදනම් තුරග තරග සම්බන්ධව පවතින සවිඥානය ද යොදා ගනිමින් අනාවැකියක් පළ කරමින් ඔට්ටු තැබීමය. මෙය බොහෝ දුරට නිවැරදි ලෙස කරන්නට හැකියාව තිබෙන අය සිටී. මෙහිදී ඔවුන් බොහෝ විට සිදු කරන්නේ අතීතයේ කාර්යසාධනයන් පිළිබඳ සලකා බලා අනාගතයේ අදාල අපේක්ෂකයා වටා කෙතරම් ප්‍රබලත්වයක් ඇතිවේදැයි අනාවැකි පළකිරීමය.

මීට අමතරව සූදු ක්‍රීඩාවේ දැඩිව නියුක්තව සිටින්නන්ට ද මේ පිළිබඳ යම් අවබෝධයකින් අනාවැකි පළ කිරීමේ හැකියාව තිබේ. මෙය හඳුන්වනු ලබන්නේ ‘සූදු ක්‍රීඩා සවිඥානය’ (Gambling Sence/Betting Sense) නමිනි. විශේෂයෙන් තුරඟ තරග පවත්වන අවස්ථාවල දී එයට ඉදිරිපත් වන අශ්වයා සහ අශ්වයා පදවන්නා මත පදනම්ව බොහෝ විට ඉතාමත් නිවැරදිව අනාවැකි පළ කරන්නට ඔවුනට හැකියාව තිබේ. බොහෝ දෙනෙක් සූදු ක්‍රීඩාවෙන් නිතර ජයග්‍රහණය ලබන්නේ මේ සංවේදනය පවතින නිසාය. මේ සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වූවන්, අශ්වයින් මත ඔට්ටු අල්ලනවා හා සමානවම දේශපාලන අපේක්ෂකයන් මත ද ඔට්ටු අල්ලනු සුලභව දක්නට හැකිය. එහිදී ඔවුන් සිදු කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයා මත පදනම් තුරග තරග සම්බන්ධව පවතින සවිඥානය ද යොදා ගනිමින් අනාවැකියක් පළ කරමින් ඔට්ටු තැබීමය. මෙය බොහෝ දුරට නිවැරදි ලෙස කරන්නට හැකියාව තිබෙන අය සිටී. මෙහිදී ඔවුන් බොහෝ විට සිදු කරන්නේ අතීතයේ කාර්යසාධනයන් පිළිබඳ සලකා බලා අනාගතයේ අදාල අපේක්ෂකයා වටා කෙතරම් ප්‍රබලත්වයක් ඇතිවේදැයි අනාවැකි පළකිරීමය. අශ්වයින් සම්බන්ධව ඔවුන් අනුගමන කරන්නේද එයමය. නමුත් අතීත කාර්ය සාධනයක් සොය ගත නොහැකි කැෂිනෝ, රූලොට් වැනි සූදු සම්බන්ධයෙන් මෙවැනි අනාවැකි පළ කිරීමේ හැකියාවක් නැත.

සූදු ක්‍රීඩාවේ නිරත නොවුනද අතීත ප්‍රවණතා මත අනාවැකි පළ කිරීමේ හැකියාව ඇති සාමාන්‍ය පුද්ගලයෝ ද සිටිති. එවැනි ‘පුරෝකත්‍ය බුද්ධියක්’ (Predictive Brain ) ඇති අය ද මේ ආකාරයටම අනාගතය පිළිබඳ අනාවැකි පළ කරති. මේවා සියයට සියයක්ම නිවැරදි නොවුන ද බොහෝ විට නිවැරදි වන බව පෙනේ.

ඇතැම් අවස්ථාවල දී යම් මැතිවරණයක් පැවැත්වෙන කාලයේ දී සිදුවන හදිසි, අනපේක්ෂිත සිදුවීම් නිසාද මැතිවරණ පිළිබඳ පැවසෙන අනාවැකි වැරදී යයි. අනුකම්පාව වැනි කාරණයක් මෙහිදී අනෙක් සියල්ල පරයා ඉදිරියට පැමිණෙයි. එවිට සාමාන්‍යයෙන් එතෙක් පැවති තත්ත්වයට ක්ෂණිකව වෙනස් වී නව තත්ත්වයක් නිර්මාණය වන අතර ජනතාව සිය ඡන්ද දැමීමේ දී එය සැලකිල්ලට ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබේ.

මීට අමතරව දේශපාලන විශේෂඥයින් විවිධ දත්ත මත පදනම්ව අනාවැකි පළ කරන අවස්ථාවන් ද දැකිය හැකිය. පවතින දේශපාලන ප්‍රවණතා, දේශපාලන උපක්‍රම සහ අපේක්ෂකයාගේ කාර්ය සාධනය මෙහිදී සලකා බැලේ. ජනතාවගේ අපේක්ෂා සමග මේ කාරණා සමපාත කරනා යම් අපේක්ෂකයකු වේ නම් ඔහුට සිය ඡන්දය පාවිච්චි කරන්නට ජනතාව ඉදිරිපත් වෙයි.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් ජයග්‍රහණය ලබන්නේ කවුද යන්න පිළිබඳ අනාවැකි පළ කරන්නට නම් යොදා ගත හැකි වන්නේ ඉහත සඳහන් ආකාරයේ ක්‍රම ඔස්සේය. ඒවා තුළ විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකි නමුත් ආසන්න වශයෙන් නිවැරදි අනාවැකියක් පැවසිය හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර