මීළඟ ජනපති සජිත් අතහැර සජබ පාක්ෂිකයන් ආණ්ඩුවට එකතු වන්නේ නෑ

මීළඟ ජනපති සජිත් අතහැර සජබ පාක්ෂිකයන් ආණ්ඩුවට එකතු වන්නේ නෑ ඊළඟ ජනපති වරම හිමිවනුයේ සජිත් ප්‍රේමදාස මහතාට බවට රට පුරා ජනතාව කතා බස් වන සමයක සමගි ජන බලවේග පාක්ෂිකයන් ආණ්ඩුව පැත්තට හැරෙන බවට ආණ්ඩුව විසින් පතුරුවන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඉල්ලා සිටියි.මේ වන විට රටේම ජනවරම සමගි ජන බලවේගය පක්ෂය පැත්තට හැරී අවසන් නිසා ආණ්ඩුව මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවන බව ද ඒ මහතා කියයි.ඔහු මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්