මීළඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගැත්තෙකු විය යුතු ය

“මීළඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කවරෙකු දැයි අපි නොදන්නෙමු. එහෙත් ඔහු ගැත්තෙකු විය යුතු බව නම් අපි දන්නෙමු”යනුවෙන් හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තම ෆේස් බුක් පිටුවේ එසේ සටහනක් තබා ඇත.ඒ මුලතිව් හි කුරුන්දි විහාරය ආශ්‍රිත ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් පාර්ශව කිහිපයක් සමඟ කළ සාකච්ඡාවකින් පසු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟිනි.මෙහි දී ජනාධිපති වරයා”මට ඉතිහාසය උගන්වනවාද?නැත්නම් මම උගන්වන්නද?”යන අභියෝගාත්මක පැනය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතාගෙන් අසා සිටීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත.පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් පුරා වස්තු ආඥා පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නෛතික බැඳීමක් ඇති අතර ඒ සඳහා විධායකයේ අත පෙවීම් අවශ්‍ය නොවන බවට මතයක් ඉදිරිපත් ව තිබේ. මීළඟ පුරා විද්‍යා අධ්‍යක්ෂ කවරකු වුවද ඔහු ගැත්තෙකු විය යුතු බවට හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබනුයේ එවන් පසුබිමක් යටතේ ය.

කාලීන පුවත්