ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිම් පාරිසරික පද්ධතියක් වන මුතුරාජවෙල සහ ඒ අවට භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධනාධිකාරියට පැවරීම සම්බන්ධයෙන්පැන නැඟී ඇති අර්බුදයට විසඳුම් සෙවීම පිණිස මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, නිමල් ලන්සා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර ඇති බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙම කමිටුවට පත් කරනු ලැබ සිටී.මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වීම මත පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇතැයි වාර්තා වෙයි.