ශ්‍රී ලංකාවේ දී දරුණු වධ හිංසනයනට භාජනය වෙමින් සිටි මෙහි දී මුතු රාජා යනුවෙන් නම් තැබූ තමන් සතු සක් සූරින් නම් ඇතා ආපසු ඉල්ලා ගත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ” ද්විත්ව කරමල් කැසොවරි “ ( Double wattled cassowary) කුරුල්ලන් තිදෙනකු ඊයේ(05) දින රාත්‍රීයේ තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත.ඒ මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක වශයෙනි.උස අඩි 05 ක් පමණ වැඩෙන , කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන පැස්බරුන් ගණයට මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ කුරුල්ලන් ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් බව පැවසෙයි.ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි.මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන් , කළු වඳුරන් , රිළව් , වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම තායිලන්තයට යැවීමට සූදානම් කර ඇත.මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් ගෙනැවිත් තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය ,සත්ව පාලක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංගනය වෙත පැමිණ සිටියහ.