මුලින්ම මඩ පොහොර උතුරු නැගෙනහිරට

ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්‍රික් ටොන් 36 දහසේ පළමු පොහොර තොගය උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ යල කන්නයේ වී වගා කරන ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිත ය. එම පළාත්වල දැනටමත් වී වගාව ආරම්භ කර ඇති නිසා එම පලාත් වල සියලු දිස්ත්‍රික්ක වෙත ප්‍රමුඛතාව මත එම පොහොර ලබා දෙන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම්වලට උපදෙස් දී තිබේ. ඒ අනුව එම පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක සදහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 11 දහස් 537 ක් බෙදාහරින බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

කාලීන පුවත්