“මුහුණට මුහුණ හමු වෙමු”සෙලෙන්ස්කිගෙන් පුටින්ට ඇරයුමක්

වත්මන් යුදමය තත්වය නිමා කර ගැනීම පිණිස අන් විකල්පයක් නොමැති බැවින් තමන් හා සෘජු සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වන මෙන් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමිනි.රුසියානු ආක්‍රමණයෙන් අටවන දිනයේදී යුක්‍රේන ජනාධිපතිවරයා, ව්ලැඩිමීර් පුටින් වෙත මෙලෙස සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබූවේ රුසියානු හමුදා විසින් බදාදා කර්සන් නගරය අත්පත් කරගැනීමත් සමඟිනි.තමන් යුදමය විසඳුම් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතබන බවත් යුද්ධය යනු මිනිස් සංහතියේ විනාශය පිණිසම හේතු වන්නක් බවත් යුක්‍රේන ජනාධිපති වරයා පවසා තිබේ.වට්මන් යුදමය වාතාවරණය හේතුවෙන් මිලියනයක පමණ යුක්‍රේන වැසියන් පිරිසක් මේ වන විට රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ද නිවේදනය කොට තිබේ.

කාලීන පුවත්