කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීම නිසා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේදී එම ඇතුල් කිරීමේ පිලී පැනීමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ගයන් දෙකම අවහිර වි ඇති අතර මේ හේතුවෙන් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.