දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අද සහ හෙටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිරු සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්මවන තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනිමට අවශ්‍ය පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.