මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර – ගාල්ල සිට වාද්දුව දක්වා ද සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
පානදුර සිට කොළඹ කොටුව, මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ග දෙකම අවහිර වන අයුරින් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද උදේ පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය ආපදා රථය එම ස්ථානයට ළගා වී ඇති බවත් ඔහු කීහ.