මෙදා පොටේ දෙයි ද බැටේ?රටේ තොටේ කතා බහක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතාබහක් මේ දිනවල හිස ඔසවමින් තිබේ.මෙතෙක් “මොකද වෙන්නේ?” කියා කවුරුත් කරන විමසුමට “විසි එක් වෙනිදට බලමු” කියා පිළිතුර සපයන අයගෙන් දැන් විමසන අලුත්ම ප්‍රශ්නය “විසි දෙවෙනිදා ඉඳන් මොකක් වෙයිද?” කියා ය.මෙතෙක් මැතිවරණයෙන් වෙන්නේ මොකක්දැයි උනන්දුවෙන් විමසූ අයට මැතිවරණයෙන් පසු වෙන්නේ මොකක්දැයි අලුත් ප්‍රශ්නයක් ඇති වූයේ දැන් දින කීපයකට ඉහත සිට ය.පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වූ සැකය මත පදනම් වන මේ ප්‍රශ්නය රටේ මතු වුණේ අවුරුදු තිහකට පසුව වීම ද විශේෂත්වයකි.

එවක මහ මැතිවරණය මෙහෙය වූ විපක්ෂයේ අගමැති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය පාක්ෂිකයින්ට දැඩි සේ උපදෙස් දෙමින් මැතිවරණයෙන් පසු විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා නොකරන ලෙස දැනුම් දී එම භීතිය සමනය කිරීමට පියවර ගන්නා ලදී.රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතු බවින් මෙසේ විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකරන ලෙසත් එසේ ප්‍රචණ්ඩත්වය භාවිතා කරන අයට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය ඒ අවස්ථාවේදී තදින්ම පවසා සිටීම නිසා දෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමට පත්විය. ඇය එහි දී වැඩි දුරටත් කියා සිටියේ තම පියා සහ සැමියා යන දෙදෙනාම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පසුබිමක නැවත එවැන්නකට ඉඩ දීම තමන්ට කෙසේ වත් කළ නොහැකි බවකි.ඇගේ එම සංවේදී ප්‍රකාශය අප රටේ බහුතර ජනතාවක ගේ සිත් තුළට තදින්ම කාවැදෙන්නට ඇත.

1994 මහ මැතිවරණය සමයේ මේ රටේ ඒ වන විට එක දිගට දීර්ඝ කාලය පාලන බලය දරා සිටි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ආර් ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසුව එවක සිටි අගමැති ඩී.බී විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වී මෙන් පසු පවත්වනු ලැබූ මැතිවරණයක් විය. පාලක පක්ෂය අතිශය දුර්වලව තිබියදී පැවැත්වූ මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරළියක් වන ලකුණු පහල වත්ම ඊළඟට මැතිවරණ ප්‍රචණ්ඩත්ව භීතියක් ද මතු විය.ඒ සමඟම එවක මහ මැතිවරණය මෙහෙය වූ විපක්ෂයේ අගමැති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය පාක්ෂිකයින්ට දැඩි සේ උපදෙස් දෙමින් මැතිවරණයෙන් පසු විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා නොකරන ලෙස දැනුම් දී එම භීතිය සමනය කිරීමට පියවර ගන්නා ලදී.රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතු බවින් මෙසේ විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකරන ලෙසත් එසේ ප්‍රචණ්ඩත්වය භාවිතා කරන අයට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය ඒ අවස්ථාවේදී තදින්ම පවසා සිටීම නිසා දෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමට පත්විය. ඇය එහි දී වැඩි දුරටත් කියා සිටියේ තම පියා සහ සැමියා යන දෙදෙනාම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පසුබිමක නැවත එවැන්නකට ඉඩ දීම තමන්ට කෙසේ වත් කළ නොහැකි බවකි.ඇගේ එම සංවේදී ප්‍රකාශය අප රටේ බහුතර ජනතාවක ගේ සිත් තුළට තදින්ම කාවැදෙන්නට ඇත.

මම එවක පාසල් ශිෂ්‍යයකු ලෙස කොට්ටාවේ පදිංචිව සිටියෙමි.එවක රජයේ ප්‍රබලයෙකුට අයත් යැයි සැලකුණු විශාල ගොවිපලක් කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ පැවතුණි. ඒ ගොවිපලට කඩා වැදුණු දේශපාලන මැරයෝ මුළු ගොවිපලම මංකොල්ල කෑහ.ඒ ආසන්නව ජීවත් වූ මගේ පාසලේ මිතුරෙකු ද ඒ කලබල නිම වූ පසු පාලුවට ගොස් තිබුණු ඒ ගොවිපලට ගොස් අතරමංව සාගින්නේ සිටි රට හාවුන් තුන් හතර දෙනෙක් රැගෙන විත් උන්ගේ සාගින්දර නිව්වේය. මේ ගොවිපලෙන් පැහැරගත් එළුවන් ජෝඩුවක් රැගෙන යන අයෙකු .ඒ එළුවන් දෙදෙනා “බෑ බෑ” කියා හඬ නගද්දී “බෑ කියල බෑ යකෝ; මේක දේශපාලන ප්‍රශ්නයක්; ඒ නිසා කෑ නොගහ යමව්” කියා කියා ඇදගෙන ගිය බවට කතාවක් ද එවක ප්‍රචලිත විය.

ඊට පෙර පාලන බලය වෙනස් වුණු මැතිවරණයක් පැවතුණේ 1977දී ය ඒ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජතික පාක්ෂිකයින්‍ රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් මැතිවරණය නිමවී සතියක් දෙකක් ගත වනතුරු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පහර දෙමින් ඇතැම් තැන්වල මරා දමමින් ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබා ව්‍යාපාරික ස්ථාන පවා මංකොල්ල කෑහ.කොටින්ම මැතිවරණය නිමවී සති දෙකක් පමණ යනතුරු රටේ නීතිය හෝ පාලනයක් ඇති බවක් නොපෙනුණි.මම එවක පාසල් ශිෂ්‍යයකු ලෙස කොට්ටාවේ පදිංචිව සිටියෙමි.එවක රජයේ ප්‍රබලයෙකුට අයත් යැයි සැලකුණු විශාල ගොවිපලක් කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ පැවතුණි. ඒ ගොවිපලට කඩා වැදුණු දේශපාලන මැරයෝ මුළු ගොවිපලම මංකොල්ල කෑහ.ඒ ආසන්නව ජීවත් වූ මගේ පාසලේ මිතුරෙකු ද ඒ කලබල නිම වූ පසු පාලුවට ගොස් තිබුණු ඒ ගොවිපලට ගොස් අතරමංව සාගින්නේ සිටි රට හාවුන් තුන් හතර දෙනෙක් රැගෙන විත් උන්ගේ සාගින්දර නිව්වේය. මේ ගොවිපලෙන් පැහැරගත් එළුවන් ජෝඩුවක් රැගෙන යන අයෙකු .ඒ එළුවන් දෙදෙනා “බෑ බෑ” කියා හඬ නගද්දී “බෑ කියල බෑ යකෝ; මේක දේශපාලන ප්‍රශ්නයක්; ඒ නිසා කෑ නොගහ යමව්” කියා කියා ඇදගෙන ගිය බවට කතාවක් ද එවක ප්‍රචලිත විය. මීගොඩ ප්‍රදේශයේ බීර නිෂ්පාදන කම්හලක් මුළුමනින්ම මංකොල්ල කෑ දේශපාලන මැරයෝ අවට ප්‍රදේශවල ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ නිවාසවලට ද පහරදී මහත් අලාබ හානි කළහ.ඒ දිනවල වර්තමාන දක්ෂිණ අධිවේග මාර්ග ආරම්භ වන ස්ථානය අසල මාකුඹුර පුරාණ විහාරයේ බෝ මලුවේ සිට හයිලෙවල් පාර දෙස බලා සිටින විට දේශපාලන මැරයන් පුරවාගත් ලංගම බස් රථ හා ලොරි රථ හා ඒවායේ වහළ මතට පවා නැඟී ශ්‍රීලනිප සතුරන්ගේ නිවාස දේපල මංකොල්ල කා ගෙන ප්‍රීතිඝෝෂා පවත්වමින් ගමන් කරනු දැක ගත හැකි විය.

මේ සියල්ල සිදුවෙද්දී රටේ පොලිසියක් නැති ගාණටම අක්‍රියව පැවතුණි.මැතිවරණයය පෙර සිටම බලයට පත් වූ පක්ෂයේ නායකයා තමන් ජයගත් පසු සතියක් පොලිසියට නිවාඩු දී ජය සැමරීමට අවස්ථාව දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.එය නීතිමය වශයෙන් සිදු නොවුණත් ප්‍රායෝගිකව සිදු විය.මීට පෙර1970මැතිවරණයේදී සමගි පෙරමුණු පාක්ෂිකයින් ගෙන් එදා පරාජයට පත්වූ එජාප පාක්ෂිකයින් ලැබූ ප්‍රචණ්ඩත්වයට පොලී වැල් පොලී සමඟ 1977දී ආපසු ගෙව්වේ ඒ අන්දමට ය. එදා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ බීජයන් වුණේ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය තුළ එක් එක් පාක්ෂිකයින් අතර හුවමාරු වූ වහසි බස් හා ප්‍රකාශ නිසා ඔවු`නොවුන් අතර ඇතිවන සිත් බිඳීම්‍ ය.දෙපාර්ශවය අතරේ ඇති වන සිත් බිඳීම් පුළුල් වී මැතිවරණයෙන් පසු ජයග්‍රහකයන් පරාජිතයින්ට පහර දී හෝ ඔවුන්ව අවමානයට පත්කර.නිමා කර ගැනීමට පුරුදු විය.මෙය අතීතයේ දී යුද්ධයෙන් පැරදුණු සතුරු පාර්ශවයට ජයග්‍රහකයා කළ පීඩාවන් හා නිග්‍රහයන්ගෙන් පැවත එන සිරිතක් සේ ද සැලකිය හැකි ය.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුගමනය කළ අතිශය සාධනීය පියවර නිසා ඉහත විස්තර කළ අන්දමේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පාලනය වුණත් එය මුලුමනින්ම අවසන් නොවූ බව 2001වසර අවසානයේ පැවැත් වූ හදිසි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපයට මාරු වූ අවස්ථාවේත් පරාජිතයන්ට එරෙහිව යම්‍ යම්‍ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමෙන් පෙනී යයි.ඉන්පසු 2010 ජනපතිවරණයෙන් පසුව මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල වෙනසක් සිදුවෙමින් පරාජිත ප්‍රතිවාදියා වූ ජෙනරල් සරත් පොන්සේකා ඉලක්ක කරගත් බිහිසුණු පළිගැනීමේ ක්‍රියා මාර්ගයක් දියත් විය ඔහුට හිතවත් යැයි සැලකුණු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් හමුදාවෙන් නෙරපා දමන ලදහ.මේ පළිගැනීම අවසන් කළේ ප්‍රතිවාදී ජනපති අපේක්ෂකයා යුද්ධාධිකරණයකයට ඉදිරිපත්කර සිරගත කිරීමෙනි. ඒවා නීතියෙන් සිදු කළ ක්‍රියා සේ රඟ දැක්වුණ ද සත්‍ය වශයෙන්ම අසාධාරණ හා අයුක්ති සහගත පශ්චාත් මැතිවරණ පළිගැනීම් ය. ඉන්පසු මැතිවරණ වලදී ප්‍රධාන වශයෙන්ම ප්‍රචණ්ඩත්වය හා පළිගැනීම් යොමු වුණේ සාමාන්‍ය පාක්ෂිකයන්ට නොවේ.පක්ෂවල ඉහළ නායකයන්ට ය.ඒ සම්ප්‍රදායේ පියා 2010 ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් බලය තහවුරු කරගත් මහින්ද රාජපක්ෂ ය.ඒ නව මග ඔස්සේ යමින් 2015 ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දූෂිත නායකයන්ට රටින් පැනයන්නට නොහැකි ලෙස ගුවන් තොටුපල වසන බව ප්‍රකාශ කළේ ය.ඒ මැතිවරණයෙන් පසු පරාජිතයන්ගේ ප්‍රධානීන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වය හා පළි ගැනීම රාජ්‍ය බලය යොදාගෙන සිදු විය. දූෂණ මර්දන කමිටුවක් වෙතට ආයතනවල තම හිතවතුන්ගෙන් පැමිණිලි ගෙන්වා ගෙන ඒවා විශේෂ විමර්ශන ඒකකයක් වෙත යොමු කර පැමිණිලිකරු ගෙන් හා තව කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ගෙන සැක කරන නිලධාරීන් හා දේශපාලකයන් පොදු දේපල පනත යටතේ අලාබයක් කළ සේ වාර්තා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇප ලබගත නොහැකි වනසේ රඳවා ගැනීම මේ පළිගැනීමේ ක්‍රියාවේ පොදු ක්‍රියා පිළිවෙල විය වරක් මේ අපූරු විමර්ශන ක්‍රියාවලියේ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් දීමට මට ද සිදු විය.ඒ ඔවුන්ට එකල සිටි බලවත් දේශපාලකයෙකු මගේ භාරයේ පැවති දිස්ත්‍රික්කයේ රැස්වීමකට ඒමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කර ඇති බව තහවුරු කරගන්නට ඇති වූ අවශ්‍යතාවය මත ය. විමර්ශන නිලධාරියා මගේ පෞද්ගලික තොරතුරු සටහන් කරගෙන රැස්වීමේ සංවිධනය පිළිබඳ සටහන් කරගෙන ප්‍රධාන අමුත්තා රැස්වීමට පැමිණියේ කෙසේදැයි විමසීය. මා ප්‍රකාශ කළේ “වේදිකාවට පැමිණියේ පයින්” කියා ය.වේදිකාවට නොව රැස්වීම් භූමියට පැමිණි අන්දම මගෙන් විමසීය.එවිට මා කීයේ ප්‍රාඩෝ වර්ගයේ කළු පැහැති ජීප් රථයකින් බව ය .ප්‍රාඩෝ රථයෙන් කොළඹ සිටම පැමිණියේදැයි ඔහු විමසීය ඔහු කොළඹ සිට පැමිණි අන්දම මා නොදන්නා බවත් රැස්වීම් භූමියට නම් පැමිණියේ ප්‍රාඩෝ රථයෙන් බවත් පැවසුවෙමි.පසුව විවිධාකාරයෙන් ප්‍රශ්න නැඟුවත් මට කිව හැකිව තුබුණේ මා සිටියේ මගේ කාර්‍යලයේ හා රැස්වීම් භූමියේ සිදු වූ දේ විනා ඉන් පරිබාහිර දේවල් මා නොදන්නා බව ය.ඔහු ප්‍රාඩෝ රථයට ඔහු ගොඩවුණේ හෙලිකොප්ටරයකින් කිසියම් ස්ථානයකට ඇවිත්දැයි අවසනයේ දී ඔහු විමසුවේය. මට දැකගත හැකිව තිබුණේ ඔහු රැස්වීම් භූමියට පැමිණි අන්දම මිස එහි පැමිණීමට රථයට ගොඩ වූ අන්දම නොවේයැයි පිළිතුරු දුන්පසු නිහඬව එය සටහන් කර ගෙන පොත වසා දැමූ විමර්ශන නිලධාරියා තේ පානය කරද්දී මට පැවසුවේ වෙනම කතාවකි.

මේ ඊනියා හොරු ඇල්ලීමේ පශ්චාත් මැතිවරණ පළිගැනීම් ක්‍රියාවෙන් වැඩිපුරම රිමාන්ඩ් ගතවන්නට සිදුවුණේ රාජ්‍ය ආයතනවල පාලක මණ්ඩල නිල සාමාජිකයන් ලෙස ක්‍රියා කළ අහිංසක රාජ්‍ය නිලධාරීන්ට ය.නමුත් පසුව ඊට එරෙහිව රාජ්‍ය සේවය තුළින් මතුවූ දැඩි විරෝධය ඒ ක්‍රියාවලිය අතහැර දැමීමට හේතුවක් ද විය. එහිදී ද දේශපාලකයන් සමග එකතු වී හොරකම් කළ රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන්ට ද කිසිදු හෙනයක් නොවූ අතර දූෂිත දේශපාලකයනුත් අවසානයේදී අධිකරණ ඉදිරියේ නිදොස් කොට නිදහස් වූහ.

එනම් අදාල දේශපාලකයා හෙලිකොප්ටරයෙන් රැස්වීමට පැමිණි බව කෙසේ හෝ මගේ ප්‍රකාශයෙන් තහවුරු කරගන්නා ලෙස තමන්ට උපදෙස් ලැබී තිබූ බවකි.මා හරියටම දන්නා දේ හැර එක් එක් අයට අවශ්‍ය දේ පිළිගෙන අධිකරණයේ දී නීතීඥයන්ගේ හරස් ප්‍රශ්න ඉදිරියේ මගේ තනතුර හෑල්ලු කිරීමට මා සූදානම් නැති බව මම සිනාසී පිළිතුරු දුන්නෙමි.මේ ඊනියා හොරු ඇල්ලීමේ පශ්චාත් මැතිවරණ පළිගැනීම් ක්‍රියාවෙන් වැඩිපුරම රිමාන්ඩ් ගතවන්නට සිදුවුණේ රාජ්‍ය ආයතනවල පාලක මණ්ඩල නිල සාමාජිකයන් ලෙස ක්‍රියා කළ අහිංසක රාජ්‍ය නිලධාරීන්ට ය.නමුත් පසුව ඊට එරෙහිව රාජ්‍ය සේවය තුළින් මතුවූ දැඩි විරෝධය ඒ ක්‍රියාවලිය අතහැර දැමීමට හේතුවක් ද විය. එහිදී ද දේශපාලකයන් සමග එකතු වී හොරකම් කළ රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන්ට ද කිසිදු හෙනයක් නොවූ අතර දූෂිත දේශපාලකයනුත් අවසානයේදී අධිකරණ ඉදිරියේ නිදොස් කොට නිදහස් වූහ.

මෙවර ජනපතිවරණයේ විශේෂත්වය වන්නේ එක් එක් පාක්ෂිකයන් අතර බහුලවම අදහස් හුවමාරුවීම භෞතිකව මුහුණට මුහුණ සිදුවූවක් නොව සමාජ මාධ්‍ය හරහා සිදුවීම ය සමාජ මාධ්‍ය හරහා තම තමන්ගේ අපෙක්ෂකයින් දිරිගැන් වූ අනුගාමිකයින් කවුරුත් පාහේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නොඅඩුව අපහාස කළේ ද සමජ මාධ්‍යයෙනි.බොහෝ අනුගාමිකයින් ශිෂ්ටත්වයේ සීමා ද ඉක්මවමින් ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයින්ට අවලාද අපහාස සිදු කළහ. ප්‍රතිඵලය වුණේ ප්‍රතිවිරුද්ධ පස්ක්ෂිකයන් කෙරෙහි අන් පාක්ෂිකයන් තුළ බුර බුරා නැගෙන වෛරී හැගීම් උද්දීපනය වීම ය.දේශපාලන වේදිකා දෙදරවන කථිකයින් මේ වෛරී හැඟීම් සමනය කිරීම වෙනුවට තව තවත් උද්දීපනය කළෝය.”අපි බලා ගන්නම්” “මෙදා පාර අපි එක හොරෙකුට බේරෙන්න දෙන්නෙ නෑ; හිරේ යන්න සූදානම් වෙයල්ලා”.”මෙහෙන් පැන්නොත් අපේ එහෙ ඉන්න අය බලාගනීවි'” “අපිට විසි දෙකෙන් පස්සෙ තියෙනවා ගනුදෙනු ටිකක් බේර ගන්න” ආදී වශයෙන් වේදිකාවල ආලවට්ටම් දමමින් කියූ සියල්ල උණුසුම්ව සිටින තම පාක්ෂිකයින් තවත් උනුසුම් කරවන ප්‍රකාශයන්‍ බව ඒවා කී අය හොඳින්ම දැන සිටියහ.එසේම බොහෝ විට රූපවාහිනී සාකච්ඡා වලදී ප්‍රතිවාදියෙකු ප්‍රශ්නයක් විමසූ විට “ඇයි මොකටද අහන්නේ?’කියමින් ඇඟට ගොඩවෙන අන්දමේ ප්‍රතිචාර දක්වන නායක මට්ටමේ දේශපාලකයන් ද බහුලව දැක ගත හැකි විය.විශේෂයෙන් එබඳු ඇඟට ගොඩවෙන අන්දමේ ප්‍රතිචාර දැක්වූයේ නූගත් දේශපාලකයන්ට වඩා අධ්‍යපන මට්ටම ඉහල වෘත්තීය සමිති නියෝජනය කරන නායකයින්‍ ය. නායකයන්ගේ මේ හැසිරීම් හා ප්‍රකාශයන් අරබයා ගෝලයින් ආදර්ශය ගන්නේ නායකයන්ටත් වඩා ඉදිරියට ගොසින්‍ ය.”ලොක්කා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා”ය යන ගැමි පිරුළ භාවිතයට ආවේ එබඳු තත්වයන් විස්තර කිරීමට ය.මේ සියල්ලෙන් ආදර්ශය ගන්නා මෝඩ සපෝටර්ලා මැතිවරණය දිනූ පසු අනෙකාට ප්‍රතිචාරය දක්වන්න යන්නේ අතින් පයිනි; නැතහොත් කැති පොලු වලිනි. එසේත් නැත්නම් ගිනි අවි වලිනි. දේශපාලන වේදිකාවේ පමණක් නොව ඕනෑම වෘත්තීය කරලියක තමා හා සමානව තරඟ කරන කෙනාට ආමන්ත්‍රණය කරන්නේ “මිත්‍රයා” යනුවෙනි. එය සමානයන් අතර සිදුකෙරෙන සිවිල් සමාජයීය ශිෂ්ට සම්මත ආමන්ත්‍රණයක් විනා සමීප මිත්‍රත්වයක් අඟවන යෙදුමක් නොවේ.එමෙන්ම මෙය ඉංග්‍රීසි භාෂාවේ එන Colleague යන වදන සිංහලයෙන් පැවසීමක් විනා ටී.බී ඉලංගරත්න සූරීන් ගේ “අඹ යහළුවෝ” කතාවේ එන අන්දමේ සුනිල් ( සුදු අප්පෝ) හා නිමල් අතර පවත්නා ආකාරයේ සුහද මිතුරු දමක් අඟවන්නක් ද නොවේ.

අප කවුරුත් දන්නා අන්දමට අධිකරණයේ දෙපාර්ශවයට පෙනී සිටිමින් විවාද කරගන්නා නීතීඥයන් ඉන් පෙර ඔවුනො`වුන් හරියකට දැක නොතිබුණ ද තම ප්‍රතිවාදී නීතීඥයා හඳුන්වන්නේ “මගේ උගත් මිත්‍රයා” කියා ය.ප්‍රතිවාදියා තමාට එසේ ඇමතූ පසු ඊට සවන් දී සිටින තමාගේ සේවාදායකයා තමා හා විරුද්ධ පාර්ශවයේ නීතිඥයා බඩ බැඳගත් යහලුවන්‍ ය යැයි සිතා ගනීවිදැයි බය වී “නෑ නෑ මම ඔබේ මිත්‍රයකු නොවේ” කියා ප්‍රතිවාදී නීතීඥයා බෙරිහන් දුන්නොත් එයින් වන්නේ එසේ බෙරිහන් දුන්නු එකාගේ සාමාන්‍ය දැනුම හා සමාජාවබෝධය සමච්චලයට ලක්වීම ය.ජනාධිපති අපේක්ෂකයෙකුට මගේ මිත්‍රයා යැයි ප්‍රතිවාදී අපේක්ෂකයා කළ හැඳින්වීමට කලබල වී “මම එයාගේ මිත්‍රයෙක් නෙවෙයි මම විසි දෙකෙන් පස්සෙ එයාට කරනදේ බලා ගන්නයැයි කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තමාගේ අඩු සමාජාවබෝධය තොග වශයෙන් ප්‍රදර්ශනය වීමක් පමණක් නොව එයින් තම සපෝටර් ලාගේ වෛරී හැඟීම් ද තවත් උද්දීපනය කිරීමට සමත් වන්නකි.

අප කවුරුත් දන්නා අන්දමට අධිකරණයේ දෙපාර්ශවයට පෙනී සිටිමින් විවාද කරගන්නා නීතීඥයන් ඉන් පෙර ඔවුනො`වුන් හරියකට දැක නොතිබුණ ද තම ප්‍රතිවාදී නීතීඥයා හඳුන්වන්නේ “මගේ උගත් මිත්‍රයා” කියා ය.ප්‍රතිවාදියා තමාට එසේ ඇමතූ පසු ඊට සවන් දී සිටින තමාගේ සේවාදායකයා තමා හා විරුද්ධ පාර්ශවයේ නීතිඥයා බඩ බැඳගත් යහලුවන්‍ ය යැයි සිතා ගනීවිදැයි බය වී “නෑ නෑ මම ඔබේ මිත්‍රයකු නොවේ” කියා ප්‍රතිවාදී නීතීඥයා බෙරිහන් දුන්නොත් එයින් වන්නේ එසේ බෙරිහන් දුන්නු එකාගේ සාමාන්‍ය දැනුම හා සමාජාවබෝධය සමච්චලයට ලක්වීම ය.ජනාධිපති අපේක්ෂකයෙකුට මගේ මිත්‍රයා යැයි ප්‍රතිවාදී අපේක්ෂකයා කළ හැඳින්වීමට කලබල වී “මම එයාගේ මිත්‍රයෙක් නෙවෙයි මම විසි දෙකෙන් පස්සෙ එයාට කරනදේ බලා ගන්නයැයි කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තමාගේ අඩු සමාජාවබෝධය තොග වශයෙන් ප්‍රදර්ශනය වීමක් පමණක් නොව එයින් තම සපෝටර් ලාගේ වෛරී හැඟීම් ද තවත් උද්දීපනය කිරීමට සමත් වන්නකි. මෙකී නොකී සියල්ල සමග තම තමන්ගේ අනුගාමිකයින් වෛරී හැඟීම්වලින් උණුසුම් කර පුපුරන්නට ආසන්න බැලුමක තත්වයට මේ වන විට පත් කර ඇත.මේ පුපුරා යාමට ආසන්න බව සමාජයේ ජීවත් වන ජනතාවට දැනෙන බැවින් මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ භීතිකාව සමාජයේ මතුවෙන බව පෙනේ.ඊට පොහොර වැටෙන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලන සපෝටර්ලා සමාජ මාධ්‍ය ඔස්සේ අහවලා දිනුවොත් භීෂණය ෂුවර් කියා ගෙනයන ප්‍රචාරයන් ගෙනි. මෙය කිසිසේත් කවර පක්ෂයක හෝ නායකයන්ගේ අවශ්‍යතාවයක් මත කෙරෙන්නක් නොවීමට ඉඩ ඇතත්.ඔවුන් විසින් වේදිකාවල දක්වන ශිල්ප ද මේ තත්වය තීව්‍ර වීමට දැඩිව බලපා ඇත.ජයග්‍රාහී මානසිකත්වයක සිටින මෝඩ සපෝටර්ලා යනු රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට සිටින කඩුගත් වඳුරන් වැනි පිරිසකි. ඔවුහු රජ්ජුරුවන්ගේ ඇඟේ වසන මැස්සාට කඩුවෙන් කෙටීමට පසුබට නොවෙති.එනිසා මැතිවරණයට පෙර සිටම නීතිය හා සමය රැකීමේ රාජ්‍ය ව්‍යුහයන් ස්වකීය කාර්‍ය භාරය මැනවින් වටහාගෙන රටේ මේ තත්වය පාලනය කිරීමට පියවර ගත යුතුව ඇත. මේ සෑම,පක්ෂයකම සිටින නලියන සපෝටර්ලාට නීතිය උල්ලංඝණය කළොත් රටේ බලපවත්නා නීතිය අනුව නියත වශයෙන්ම තමන් අමාරුවේ වැටේය යන හැඟීම ඇති නොකළොත් යළිත් මේ තිරිසන් ක්‍රියාවන් ආරම්භ වීම වැලැක්විය නොහැක.රටේ පවතින තත්වය අනුව එබඳු තත්වයක් ඇතිවීම යනු සදාචාරවත් සමාජයක මළගම වීමටත් බොහෝ දුරට ඉඩ ඇත.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර