මෙම වසරේ රුපියල් ට්‍රිලියන පහක ආදායම් ඉලක්කයක් – මහ බැංකු අධිපති

මෙවර අයවැය අයි එම් එෆ් අයවැයක් නොව රටට හොඳ අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නනදලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

කොළඹ දී පැවති සංවාදයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ,

2025 වසර සඳහා 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න යන මේ ගමන පිළිබඳ විශ්වාසයක් තබා ගත හැකියි. රුපියල් ට්‍රිලියන පහක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත් මගේ උපකල්පනය අනුව එම ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක් වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටි කාලීනව පැන නගින පීඩනයක් අවශෝෂණය කර ගැනීම සඳහා ආරක්ෂණ යෙදීමත් වැදගත්.

ඒ හේතුවෙන් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා.

ඇතැමුන් අයි එම් එෆ් අයවැයක් ගැන කතා වෙනවා. වසර ගණනක් තිස්සේ අයි එම් එෆ් සාකච්ඡාවලට සහභාගී වූ කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදිහට සමස්ත ආර්ථික ස්ථාවරත්වය උදෙසා නිවැරදි මාවතේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශවකරුන්වට ලබාදී ඇති ප්‍රතිඥාව වෙනස් වී නොමැති බව.

පරිපාලනයේ වෙනසක් සිදුවුණා. සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහසේ හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්.

අයි එම් එෆ් වැඩසටහනේ පරාමිතීන්ට අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම සුබවාදී ලකුණක් විදිහටයි මම දකින්නේ. මම දකින විදිහට මේක අයි එම් එෆ් අයවැයක් නෙවෙයි. මේක රටට හොද අයවැයක්.

කාලීන පුවත්