මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 12දෙනෙකු ඊයේ(12) රාත්‍රී නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. තලෙයිමන්නාරමට උතුරු මුහුදේ යාත්‍රා දෙකකින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටිය දී එම පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි කටයුතු සඳහා එම ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු සදහා භාර දීමට නියමිත ය. මේ අතර උතුරු පළාතේ බොහෝ ධීවරයන් පවසනුයේ මෑතක සිට මීට පෙර නොවූ ලෙස ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරමින් ධීවර කටයුතු වල යෙදීම මත තම වෘත්තියට මරු පහරක් වැදී ඇති බවකි.මෙම ක්‍රියාව තුළ රහසිගත ඉන්දීය ශ්‍රී ලංකා දේශපාලනික සහයෝගිතා වැඩ සටහනක් තිබිය හැකි බවට ද තමන් තුළ සැකයක් පවතින බව ඔව්හු කියති.