මෙවර ඡන්ද සටනට මහින්ද නැහැ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කලින් තිබූ ජනතා ප්‍රසාදය නොලැබී යාම මත ඔහුට මෙවර පළාත් පාලන මැතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රචාරක රැස්වීම් වලට නොනඟින ලෙස සමීපතමයන් ගෙන් උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙයි. මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොපැවතීම මත එම රැස්වීම් වලදී යම් යම් ජනතා විරෝධතා පැන නැඟුණ හොත් එය ඔහුගේ කායික මානසික මට්ටම තව දුරටත් අඩාල වීමට හේතු වනු ඇතැයි ද එම සමීපතමයන් පෙන්වා දී තිබේ.මේ අතර මෙවර පලාත් පාලන මැතිවරණ කටයුතු වල දී නාමල් රාජපක්ෂ මහතාට හිමි විය යුතු තැන පිළිබඳව ද මේ වන විට විවිධාකාර මත පළ වන බව වාර්තා වෙයි.

කාලීන පුවත්