හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත් එසේ පැමිණීමෙන් රට තුළ දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉරිදා ප්රකාශ කළේ යැයි වෝල් ස්ට්රීට් ජර්නල්( ) පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.සිංගප්පූරුවේ රැඳී සිටිය හැකි කාලය නිමා වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය මෙම මාසය තුළ යළි ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ.