මේ වන විට රට තුළ පොල් හිඟයක් නොමැති බවත් පොල් මාෆියාවක් මඟින් වෙළඳපොලේ කෘත්‍රිම පොල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඔහු පාර්ලිමේන්තුවේ දී සදහන් කළේ 2024 වසරේ සමස්ත පොල් අස්වැන්න මිලියන 2,684 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 ක අඩුවීමක් බවත් ය.රජය සතු වතුවල පොල් සතොස අලෙවිසැල් හරහා බෙදා හැරීමට රජය සැලසුම් කර ඇති බවත් කුරුණෑගල සහ හලාවත වතු මඟින් පොල් දස ලක්ෂයක් ලබා දෙන බවත් පොල් සංවර්ධන අධිකාරිය මඟින් ඉදිරි සති දෙක සඳහා පොල් ගෙඩි ලක්ෂ පහක් ලබාදීමට සූදානම් බවත් ඔහු පවසයි.ඇමැතිවරයා මේ බව කියා සිටියේ වෙළෙඳපොළේ උග්‍ර පොල් හිඟයක් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.