මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ

වර්තමාන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉන් කොවිඩ් ව්‍යාප්තියේ සැළකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.ඒ සම්බන්ධයෙන් බිම් මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ වලදී වර්තමාන මහජන සංසරණ ක්‍රියාවලිය සාමාන්‍ය දිනවලට වඩා වැඩි වෙනසක් පෙන්නුම් නොකරන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසයි.වර්තමාන කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් කැප වී හිඳින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මීට පෙර ද ඉහළ මට්ටමේ කොවිඩ් පාලන තීන්දු තීරණැ සම්බන්ධ තම නොසෑහීම පළ කොට තිබේ.

කාලීන පුවත්