මේ දවස් වල කොළ රොඩු ගිනි තියන්නෙත් බලාගෙනයි!

මේ දිනවල පවතින වියළි උනුසුම් සේම සුළං සහිත කාලගුණික තත්වය යටතේ ගෘගෘහාශ්‍රිත පරිසරයන් හි ගෘහස්ථ අපද්‍රව්‍ය සහ වියළි කොළ රොඩු ගිනි තැබීම් වලින් පවා ආපදාකාරී තත්වයන් පැන නැඟිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස හිටපු කාලගුණ ව්ද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ ආර් අබේසිංහ මහතා ඉල්ලා සිටියි.ඉහත සඳහන් කාලගුණික තත්වය හමුවේ යම් යම් ද්‍රව්‍යයන් හි වියළි බව ඉහළ යාමත් සමඟ ඒවායේ දහනශීලීත්වය වැඩි වී පවතින සුළං රටා මඟින් ඒවා හාත්පස පැතිරීමේ වැඩි අවකාශයක් පවතින බව ද පවසන අබේසිංහ මහතා පෙන්වා දෙනුයේ සාමාන්‍යයෙන් බටහිර දෙසින් හමන සුළං ධාරාවන් ගේ දිශානතිය දිවා කාලයට වෙනස් වීමත් එම සුළං ධාරාවන් වේගවත් වීම මත එවැනි ගිනි ගැනීම් ආපදා තත්වයන් දක්වා වර්ධනය විය හැකි බවය.

කාලීන පුවත්