මේ වසරේ ජල ගාස්තු ඉහළ නොදමන බවට සහතික වෙනවා

මෙම වසර තුළ ජල ගාස්තුව ඉහළ යන බවට සමාජය පුරා පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මේ වසරේ ජල ගාස්තු වල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කරයි.අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාලීන පුවත්