මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

vinivida

මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි.
මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා විවිධ රටවල මෙම Movember වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් මේ සඳහා වැඩි උද්යෝගයක් පෙන්වන රටවල් වේ. මෙම වැඩ සටහන් සෑම රටකම වාගේ ක්‍රියාත්මක කරනුයේ සමාජ සත්කාරක (Charity) සේවාවක් ලෙසින්ය.
මෙසේ එක් එක් මෝස්තරවලට රැවුල වැවීමෙන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ ගන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, වෘෂණ කෝෂවල පිළිකාවලට මෙන්ම මානසික සුවතාවය හොඳින් පවත්වා නොගැනීම වැනි සෞඛ්‍ය ගැටලුවලටය. තව දුරටත් විස්තර කළ හොත් පූර්ව හඳුනාගැනීම් තුලින් එම පිළිකාවල දරුණු තත්වයන් වළක්වා ගැනීම හෝ එවැනි රෝග වැළඳීමට පෙරම වළක්වා ගැනීමත් මානසික සුවතාවය පවත්වා ගැනීම මගින් සිය දිවි නසා ගන්නා ප්‍රමාණය අඩු කර ගැනීමත් මෙහි ප්‍රධාන පරමාර්ථයන් වේ.

මොවැම්බර් සැමරීමට ඉදිරිපත් වන කාරුණික සහ නිර්භීත පිරිමි තමන්ගේ රේසර් වැනි රැවුල කැපීමේ මෙවලම් අතුරුදහන් වෙලා ඇතිවාක් මෙන් රැවුල් වවති. සමහරු එම රැවුල් විවිධ හැඩයන්ගෙන් යුක්තව වවති. මේ රැවුල් වැවීමට නිවෙස්වල සිටිනා කාන්තාවන්ද, විශේෂයෙන් අම්මලා සහ බිරින්දෑවරුන්, රැවුල් කපන්න කියමින් කරදර නොකර සහය දක්වන්නේ මෙම වැඩ සටහන්වල ඇති වැදගත් කම දන්නා බැවිනි.

මොවැම්බර් සැමරීමට ඉදිරිපත් වන කාරුණික සහ නිර්භීත පිරිමි තමන්ගේ රේසර් වැනි රැවුල කැපීමේ මෙවලම් අතුරුදහන් වෙලා ඇතිවාක් මෙන් රැවුල් වවති. සමහරු එම රැවුල් විවිධ හැඩයන්ගෙන් යුක්තව වවති. මේ රැවුල් වැවීමට නිවෙස්වල සිටිනා කාන්තාවන්ද, විශේෂයෙන් අම්මලා සහ බිරින්දෑවරුන්, රැවුල් කපන්න කියමින් කරදර නොකර සහය දක්වන්නේ මෙම වැඩ සටහන්වල ඇති වැදගත් කම දන්නා බැවිනි.
එසේ රැවුල් වවන අය මෙම වැඩසටහනෙහි පරමාර්ථයන් හොඳින් දැනගෙන සිටින අතර කවුරුන් හෝ “ඇයි රැවුල් වවාගෙන ඉන්නේ” කියා කවුරුන් හෝ ඇසුවොත් ඔවුහු පහත සඳහන් කර ඇති ආකාරයට පිරිමින්ට ආවේණික වූ ගැටළු පිළිබඳව පැහැදිලි කරති.

වෘෂණ කෝෂවල පිළිකා (Testicular Cancer)

මෙය වැඩි දෙනෙකු අතර දක්නට නොලැබෙන පිළිකා ප්‍රභේදයක් වුවත් වයස අවුරුදු 20ත් 39ත් අතර පිරිමින් සැලකූ විට වැඩිපුර සෑදෙන පිළිකාවකි. එමෙන්ම පහසුවෙන් ප්‍රතිකාර කර සුව කරගත හැකි රෝග තත්වයකි. ඒ සඳහා කල් ඇතිව, ඉක්මණින්ම හඳුනා ගැනීම වැදගත්ය.

මෙහි රෝග ලක්ෂණ වන්නේ:

• වෘෂණ කෝෂවල ඉදිමීමක් දක්නට හැකිවීම
• බර ගතියක් දැනීම
• යටිබඩ ප්‍රදේශයේ හෝ ඉකිලිවල එතරම් දැඩි නොවන වේදනාවන් දැනීම
• කොන්දේ වේදනාවක් ඇතිවීම
මෙම රෝග ලක්ෂණ ඇති වූ විට හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා (Prostate Cancer)

පුරස්ථි ග්‍රන්ථ පිළිකාව පිරිමින් අතර බහුලව දැකිය හැකි රෝගයකි. මෙයද කල් ඇතිව හඳුනා ගත් විට පහසුවෙන් ප්‍රතිකාර කර සුව කළ හැකි රෝග තත්වයකි. වයස අවුරුදු 50 ට වඩා වැඩි පිරිමින්ට සෑදීමේ අවදානම වැඩි අතර ආසියාතිකයන්ට වඩා සුදු ජාතිකයන් අතර වැඩි වශෙයෙන් දක්නට ලැබේ. පවුලේ ජානමය බලපෑම මෙයට බොහෝ විට බලපාන බැවින් පියාට හෝ සහෝදරයකුට මෙම පිළිකා රෝගය වැළඳුනි නම් පවුලේ අනිකුත් පුතුන්, සොයුරන් මෙම රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරගත යුතුවේ.
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවන්වලට හුරුවීම, තරබාරු බව, දුම්පානය සහ ලිංගිකව සම්ප්‍රේෂනය වන රෝගයකින් කාලයක් පීඩා විඳීම බොහෝ දුරට මෙම පිළිකාව සෑදීමට හේතූන් විය හැක.

රෝග ලක්ෂණ වන්නේ:

• මුත්‍රා කිරීමේ අපහසුතා
• මුත්‍රා කිරීමේදී පෙර තරම් වේගයකින් මුත්‍රා පිට නොවීම
• මුත්‍රා සමග රුධිරය පිට වීම
• ශුක්‍රාණු සමග රුධිරය පිට වීම
• අස්ථිවල වේදනාවක් ඇති වීම
• සිරුරේ බර හේතුවක් නොමැතිව අඩුවීම
• ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම
මෙවැනි ලක්ෂණ ඇති වූ විට කල් නොයවා වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

මානසික සෞඛ්‍ය ගැටළු

මානසික ගැටළු පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම පොදු වුවත් මෙම මොවැම්බර් වැඩ සටහන තනිකරම පුරුෂ පක්ෂය හා සබැඳුනු එකක් බැවින්, මෙහි දී සැලකිලිමත් වන්නේ පිරිමි අයගේ මානසික සෞඛ්‍යය පිළිබඳවයි. වයස අවුරුදු 40 න් පසු බොහෝ පිරිමින් තුල නුරුස්නා බව, බලාපොරොත්තු රහිත බව, ආවේගශීලී වීම, මත්පැන් පානයට ඇබ්බැහි වීම, මානසික අවපීඩනය, විශාදය වැනි විවිධ මානසික ව්‍යාකූලතා හෝ මානසික රෝගයන් දැකිය හැකිය. මෙම තත්වයන් කලින් හඳුනා ගෙන පියවර නොගත හොත් එය වර්ධනය වී සිය දිවි නසා ගැනීමක් දක්වා දුරදිග යා හැකියි.

මානසික ගැටළු පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම පොදු වුවත් මෙම මොවැම්බර් වැඩ සටහන තනිකරම පුරුෂ පක්ෂය හා සබැඳුනු එකක් බැවින්, මෙහි දී සැලකිලිමත් වන්නේ පිරිමි අයගේ මානසික සෞඛ්‍යය පිළිබඳවයි. වයස අවුරුදු 40 න් පසු බොහෝ පිරිමින් තුල නුරුස්නා බව, බලාපොරොත්තු රහිත බව, ආවේගශීලී වීම, මත්පැන් පානයට ඇබ්බැහි වීම, මානසික අවපීඩනය, විශාදය වැනි විවිධ මානසික ව්‍යාකූලතා හෝ මානසික රෝගයන් දැකිය හැකිය. මෙම තත්වයන් කලින් හඳුනා ගෙන පියවර නොගත හොත් එය වර්ධනය වී සිය දිවි නසා ගැනීමක් දක්වා දුරදිග යා හැකියි. මෙලෙස පිරිමි අයට මෙවැනි තත්වයන් වැඩි වශයෙන් ඇති වන්නේ කාන්තාවන් මෙන් නොව ඔවුන් තනිවම ප්‍රශ්න විසඳා ගැනීමට යාමත්, අන් අය සමග තමන්ගේ ප්‍රශ්න කතාබහ කිරීමට ඇති අකමැත්තත් හේතුවෙනි.
නමුත් විශ්වාසවන්ත කෙනෙකු හා පිළිසඳරේ යෙදීමත්, අවශ්‍ය නම් උපදේශනයට හෝ මානසික රෝග පිළිබඳ ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීමත් හරහා යළිත් පියවි තත්වයට පත් විය හැකි බව සැවොම වටහා ගත යුතුය.

මේ අයුරින් ඉහත සඳහන් කළ ආකාරයේ දැනුවත් වීම් තුලින් ශාරීරික හා මානසික සුවතාවය ඉහළ නැංවීම මෙම මොවැම්බර් වැඩ සටහන් වල අරමුණයි.
ඔබත් කැමති නම් ඔබේ රැවුල වවා මෙම දැනුවත් වීම්වලට අදාල කරුණු අන් අය අතරට ගෙන ගොස් මේ උතුම් සමාජ සත්කාරයට දායක වන්න.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්