මෛත්‍රී කෝටි දහයේ වන්දිය ගෙවා දමයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 100ක (රුපියල් කෝටි 10 ) වන්දිය ගෙවා අවසන් කර තිබේ. ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල ද පසුගිය.16 වනදා ගෙවා අවසන් කර ඇත.ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

කාලීන පුවත්