මෛත්‍රීට කතානායක කම දෙන පොරොන්දුව පිට ශ්‍රීලනිප සහාය ඩලස්ට

මෛත්‍රීට කතානායක කම දෙන පොරොන්දුව පිට ශ්‍රීලනිප සහාය ඩලස්ට හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළ නමුත් එම තීරණය යළි වෙනස් කර ඔවුන් මෙවර ඩලස් අලහප්පෙරුමට මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වෙයි.සජිත් ප්‍රේමදාස මහතාගේ සහය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමේ දී ඩලස් අලහප්පෙරුම මහතා ජනපති පත්වූවොත් අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාටත් තවත්ඇමති ධූර කිහිපයක් සජබටත් ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයි ඇතැයි පැවසෙන අතර ශ්‍රීලනිප වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට නව කතානායක ධුරය බාර ගන්නැයි ඩලස් – සජිත් පාර්ශවය විසින් කළ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්