මොනම හේතුවකට වත් අනුරපුර සුනඛයන් ඉවත් කරන්නෙ නෑ

කිසිදු හේතුවක් නිසා අනුරාධපුර නගරයෙන් සුනඛයන් ඉවත් නොකරන බව උතුරුමැද පලාත් සභා ආන්ඩුකාර ලේකම් වරයා දන්වා සිටියි.ඒ ලබන අප්‍රේල් 4-6 අතර සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිදු කෙරෙන අනුරාධපුර චාරිකාව මුල් කොට අනුරාධපුර නගරාශ්‍රිත වීදි සුනඛයන් ඉවත් කරන බවට පසුගිය දා පැතිර ගිය ආරංචියක් මුල් කර ගනිමිනි.”ආදරය කරුණාව පිරුණු සුන්දර නගරයක්” යන තේමාව යටතේ Justice for animals මූල්‍ය දායකත්වයෙන් සහ Vets for future සංවිධානයේ පශු වෛද්‍ය සහායෙන් අනුරාධපුර කේන්ද්‍රගතව සිදු කරන පස් අවුරුදු සුනඛ ගහන පාලන නියාමන ව්‍යාපෘතිය (2021-2025)මේ වන විට අති සාර්ථක ලෙසින් අවසන් අදියරට පැමිණ ඇති අතර එය එදා මෙදා තුර ශ්‍රී ලංකාව තුළ සිදු වූ අති සාර්ථකම සුනඛ ගහන පාලන නියාමන ව්‍යාපෘතිය ලෙස ද සැලකේ.ඒ අනුව ඉහත සඳහන් ප්‍රවෘත්තියෙන් දිවයින පුරා සිටින සත්ව ලෝලීන් අහිංසාවාදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් අතරේ මහත් කැළඹීමක් ඇතිව තිබූ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් වරයා වෙත භාරදීමට සංදේශයක් ද සූදානම් කරමින් සිටි බව ද දැනගත හැකි විය.

කාලීන පුවත්