මොන අභියෝග ආවත් අපි මහින්ද චින්තනයේමයි

මොන අභියෝග ආවත් අපි මහින්ද චින්තනයේමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති දේශපාලන කඳවුර, මහින්ද චින්තනයේ ආභාෂයෙන් ගොඩනැඟුනු දේශපාලන පක්ෂයක් බවත් කුමන අභියෝගයක් පැමිණිය ද තම පක්ෂය චින්තනය වෙනස් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්මත් සමඟ ගොඩනැගුණු තම දේශපාලන පක්ෂය අභියෝග හමුවේ පලා නොයන බවද අභියෝගවලට බියෙන් අප විශ්වාස කරන දේශපාලන චින්තනය වෙනස් නොකරන බවද පෙන්වාදෙයි.ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙනියාය ආසන සමුළුව අමතමිනි.

කාලීන පුවත්