කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතා කිරීම පිණිස බ්‍රිතාන්‍යය නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.කොරෝනා සඳහා භාවිතා කරන ඕනෑම ඖෂධයක් ගෙන්වීම සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද රාජ්‍ය ඇමතිනිය කියයි.නමුත්රාජ්ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරනුයේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්දන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.