ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(06) දහවල් ශ්‍රී ලංකාවේ සිට යළි ඉන්දියාවට යන අතරමග ගුවනේදී දුරාතීතයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කොට තිබූ බවට ජන විශ්වාසයක් පවතින සේතු සමූද්‍රම් පාලම නම් ස්වාභාවික ගල් වැටිය නිරීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල වෙබ් අඩවියේ මෙම සටහන තබා තිබිණ.”මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවෙන් ආපසු එන අතරමගදී, රාම් සේතු දර්ශනයක් දැක ගැනීමේ භාග්‍යය දිව්‍යමය අහම්බයක් ලෙස මට ලැබුණා. එය සිදු වූයේ අයෝධ්‍යාවේ සූර්ය තිලක් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීම ය. ප්‍රභූ ශ්‍රී රාම් අප සැමට පොදු බලවේගයකි. උන්වහන්සේගේ ආශිර්වාදය සැමවිටම අප කෙරෙහි පවතිනු ඇත” හින්දු ජන විශ්වාස වලට අනුව සේතු සමූද්‍රම් යනු ලංකා පුරයේ රාවණා රජු විසින් පැහැර ගෙන ආ සීතා කුමරිය බේරා ගැනීම පිණිස ඔහු ගේ වානර හමුදාව විසින් ඉදි කළ පාලමකි. අයෝධ්‍යා පුරය යනු රාම කිමරු ගේ රාජධානියයි.