යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව යතුරුපැදියක් සඳහා එක්වරකට රුපියල් 2,000 ක, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක සහ කාර්, වෑන් සහ ජීප් සඳහා රුපියල් 8,000 ක උපරිමකට යටතේව ඉන්ධන නිකුත් කරන බවත් බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා එම උපරිමය අදාළ නොවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.