මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන යොදා ගනිමින් සිදු කිරීම අලුත්වැව ප්‍රදේශයේ දී සිදු කෙරිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා මේ කටයුතු නිරීක්ෂණය කිරීමට එක්විය.
ඒ අනුව හම්බන්තොට, මොනරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය, නුවරඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය හා ගම්පහ දිස්ත්‍රික්කවල වී වගාවට පළිබෝධනාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට නියමිතය. ඩ්‍රෝන තාක්ෂණය හොඳින් පුහුණුව ලද ඩ්‍රෝන නියමුවන් මඟින් මේ කටයුතු සිදු කරයි.