යළි ඇමරිකන් පුරවැසිකම යදින ගෝඨා නැවත ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට තරඟ වැදීම පිණිස ඉල්ලා අස් කර ගත් ඇමරිකානු පුරවැසි භාවය යළි ඉල්ලා අභියාචනයක් යොමු කොට ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(05) උදෑසන 8.30 ට පමණ ඩුබායි රාජ්‍යෙයේ සිට තම බිරිඳ ද සමඟ ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. පසුගිය 26 වනදා බිරිය පුතු ලේලිය හා මිනිපිරිය සමග ඩුබායි වෙත ගමන් කර තිබූ අතර එහි “මිරකල් ගාඩ්න්”උද්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක් නැරඹීමට ගොස් ඇත. ඔහු සමඟ ඩුබායි බලා පිටත් ව ගිය ඔහුගේ පුතු ලේලිය හා මිනිපිරිය නැවත ඇමරිකාව වෙත ඩුබායි සිට ඇමරිකාව වෙත ගොස් තිබේ.නමුත් ඔහුගේ මෙම සංචාරය නැවත ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත් වීමක් ලෙස මාධ්‍ය වාර්තා කොට තිබිණ.ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා නැවත ඇමරිකානු පුරවැසිකම හෝ අඩුම තරමින් කෙටි කලකට වීසා ලබාගැනීමට දැරූ ප්‍රයත්න සියල්ල අසාර්ථකවී ඇති අතර ඔහුට යළි ඇමරිකාවට යා නොහැකි බවට තානාපති ඇමරිකානු කාර්යාලයෙන් දන්වා තිබේ. නමුත් ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට ඇමරිකානු පුරවැසි භාවයක් හිමි ව තිබීම මත රාජපක්ෂ මහතා නීතිඥයන් මාර්ගයෙන් යළි ඇමරිකානු පුරවැසි භාවය ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කොට තිබේ.ඩුබායිහි සංචාරය නිමවා අද යළි දිවයිනට පැමිණි ඔහු නැවත කොළඹ 07 පිහිටි ආරක්ෂිත නිවස්නය වෙත ගමන් කර ඇති බව පැවසේ.

කාලීන පුවත්