දේශපාලන වාසි සඳහා පමණක් උතුරේ ජනතාව යොදාගත් සංස්කෘතිය වෙනස් කරමින් රට ගොඩනැගීමට එම ජනතාව එක්කරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සියලු ජාතීන් , එක් කොඩියක් යටතේ සමගියෙන් ජීවත් වන රටක් ගොඩනැගීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් මහ මැතිවරණය සදහා ජාතික ජන බලවේගය රට පුරා ජන රැළි මාලාවක් සංවිධාන කරයි.
ඒ යටතේ යාපනයේ පැවති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකරනලදි.ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් ජන රැළියට එක්විය.