මේ වනවිට රුසියාව සමග යුද්ධයකට පැටලී සිටින යුක්රේනයෙ හි ජනාධිපතිවරයා වන වොලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියානු බුද්ධි අංශ විසින් පිලියෙල කරන ලද සැලැස්මක් අනාවරණය කර ගැනීමට යුක්රේනය සමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය දා මේ බව මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ යුක්රේන ආරක්ෂක සේවය යි. ඔවුන් මෙම සැලසුම ගැන විස්තර ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊට සම්බන්ධ බව පැවසෙන යුක්රේනුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ය. මෙම යුක්රේන ජාතිකයන් දෙදෙනා ද සුළුපටු දෙදෙනෙකු නොවේ. ඔවුන් රජයේ ඉහළ මට්ටමේ පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ ඒකකයක කර්නල්වරුන් දෙදෙනෙකි. මේ දෙදෙනා කාලයක සිටම රුසියානු ඔත්තු සේවා සමග රහසිගත සබඳතා පවත්වා ඇති බව යුක්රේන ආරක්ෂක සේවයේ නිලධාරීහු පවසති. තමුන්ගේ සේවය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් ගෙවන ලද බව අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබිණි. සමහර අවස්ථාවල මෙම මුදල් සෘජුවම තමුන්ට ලැබුණු බවත් තවත් අවස්ථාවල සිය ඥාතීන්, හිතවතුන් වැනි පාර්ශ්ව හරහා ලැබුණු බවත් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
යුක්රේන ආරක්ෂක සේවයේ නිලධාරීන් කියන ආකාරයට ඉහත කී සැලැස්මෙහි අරමුණ වී තිබී ඇත්තේ සෙලෙන්ස්කි පැහැරගෙන ගොස් පසුව ඝාතනය කිරීම යි. මේ සඳහා ජනාධිපතිවරයා සමීපයේම කටයුතු කරන ආරක්ෂක නිලධාරියකු හෝ කිහිප දෙනෙකු යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව ඉහත නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගත් කර්නල්වරුන්ට පැවරී තිබී ඇති එක් කටයුත්තක් වන්නේ ජනාධිපතිවරයා පැහැරගෙන යාම සඳහා යොදා ගත හැකි ආරක්ෂක නිලධාරියකු සොයා ගැනීම යි. ඉහත කී කර්නල්වරුන් දේශද්‍රෝහීත්වය සහ ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වීම යන චෝදනා යටතේ රඳවාගෙන සිටින බව ද යුක්රේන ආරක්ෂක සේවය පවසා තිබිණි.
ජනාධිපතිවරයාට අමතරව යුක්රේන ආරක්ෂක සහ බුද්ධි සේවාවල තවත් ඉහළ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සූදානමක් ද තිබී ඇත. එම නිලධාරීන් නම් හමුදා බුද්ධි සේවයේ ප්‍රධානියා වන කිරිලෝ බුදනෝව් සහ යුක්රේන ආරක්ෂක සේවයේ ප්‍රධානියා වන වසිල් මලියුක් ය. මැයි 5 වැනි දිනට පෙර බුදනෝව් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබී ඇති බව යුක්රේන නිලධාරීහු පවසති.
මේ අතර සෙලෙන්ස්කිගේ ශරීර ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ. ඊට හේතුව මෙම සටහන ලියන අවස්ථාව වනවිට ප්‍රකාශයට පත්ව තිබුණේ නැත.
මෙම සැලැස්ම යටතේ ජනාධිපතිවරයාට අමතරව යුක්රේන ආරක්ෂක සහ බුද්ධි සේවාවල තවත් ඉහළ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සූදානමක් ද තිබී ඇත. එම නිලධාරීන් නම් හමුදා බුද්ධි සේවයේ ප්‍රධානියා වන කිරිලෝ බුදනෝව් සහ යුක්රේන ආරක්ෂක සේවයේ ප්‍රධානියා වන වසිල් මලියුක් ය. මැයි 5 වැනි දිනට පෙර බුදනෝව් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබී ඇති බව යුක්රේන නිලධාරීහු පවසති. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය සතියේ පස්වැනි වරටත් ජනාධිපති ධුරයේ දිව්රුම් දුන්නේය. ඉහත ඝාතනය සිදු කිරීමට සූදානම්ව සිට ඇත්තේ ඔහුට දෙන තෑග්ගක් ලෙසිනි.
බුදනෝව් ඝාතනය කිරීමට සැලසුම් කර තිබී ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාරයක් හරහා යි. ඔහු යනඑන තැන් ගැන තොරතුරු රුසියානු ආරක්ෂක සේවය වෙත සැපයීමේ කොන්ත්‍රාත්තුව ද ඉහත කී කර්නල්වරුන්ට පැවරී තිබී ඇත. මෙම ඝාතනය සඳහා අවශ්‍ය වන ඩ්‍රෝන යානයක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට ද එක් සැකකරුවකු කටයුතු කර තිබූ බවක් ද සඳහන් වේ.
මෙම ඝාතන කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට හැකි වුව ද සතුරා කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බව යුක්රේන ආරක්ෂක අංශ ප්‍රධානි වසිල් මලියුක් පවසා තිබේ. “සතුරා ඉතා බලවත් බවත්, විශාල පළපුරුද්දක් ඇති අයෙකු බවත් අප අමතක නොකළ යුතුයි. ඔහු කිසිසේත් අවතක්සේරු කළ නොහැකියි” ඔහු පවසා තිබිණි.
සෙලෙන්ස්කි ඝාතනය කිරීමේ මෙවැනිම සැලැස්මක් ගැන පසුගිය මාසයේ ද කතාබහක් ඇති විය. ඒ එම සැලැස්මට සම්බන්ධ බව කී පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමග ය. ඔහු පෝලන්තයේ යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි ගුවන් තොටුපලක ආරක්ෂක විධිවිධාන ගැන තොරතුරු රුසියානු බුද්ධි නිලධාරීන්ට ලබා දීමට එකඟ වී සිටි බවක් සඳහන් විය.
කෙසේ හෝ වේවා, යුක්රේන නිලධාරීන් අනාවරණය කරගත් බව කියන මෙම ඝාතන සැලසුම ගැන රුසියාව නිල ප්‍රකාශයක් කර තිබුණේ නැත.
සෙලෙන්ස්කි ඝාතනය කිරීමේ මෙවැනිම සැලැස්මක් ගැන පසුගිය මාසයේ ද කතාබහක් ඇති විය. ඒ එම සැලැස්මට සම්බන්ධ බව කී පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමග ය. ඔහු පෝලන්තයේ යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි ගුවන් තොටුපලක ආරක්ෂක විධිවිධාන ගැන තොරතුරු රුසියානු බුද්ධි නිලධාරීන්ට ලබා දීමට එකඟ වී සිටි බවක් සඳහන් විය. මෙම ගුවන් තොටුපල යුක්රේන ජනාධිපතිවරයා විදෙස් ගමන්වල නිරත වන අවස්ථාවල භාවිත කරන ගුවන් තොටුපලකි.
2023 අගෝස්තු මාසයේ ද රුසියානු සැලැස්මකට උදව් කළ බව පැවසුණු කාන්තාවක යුක්රේනයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. සෙලෙන්ස්කි යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ නිරත වීමට සිටි සංචාරයක් පිලිබඳ තොරතුරු එක්රැස් කිරීමට ඇය කටයුතු කර තිබූ බව සඳහන් විය. ඇයගේ මෙම තොරතුරු උපයෝගි කර ගනිමින් රුසියාව සෙලෙන්ස්කිට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවක් ද පැවසිණි.
නිහාල් පීරිස්