වැඩි කල් නොගොස් යුක්රේන-රුසියා යුද්ධයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ මේ වනවිට ඇති වී තිබේ. මෙවැනි විශ්වාසයක් ඇති වෙමින් ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමෙන් පසු මෙයට අදාළව ගනිමින් සිටින පියවර නිසා ය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළ කතාවක් වූයේ තමා බලයට පැමිණ පැය 24 ක් තුළ යුක්රේන යුද්ධය අවසන් කිරීමේ කි‍්‍රයාදාමය ආරම්භ කරන බවයි.
පොරොන්දු වූ ආකාරයෙන්ම ඔහු සාම කි‍්‍රයාදාමයක් ආරම්භ කළ මුත් එයට යුක්රේන පාර්ශ්වයෙන් වැඩි අනුකූලතාවක් හිමි වූයේ නැත. ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාදාමය ගැන ඔවුන් තුළ යම් සැකයක් පැවති බවක් පෙනිණි. එම සැකය නම් ඇමරිකාව රුසියාවට වාසිදායක ආකාරයෙන් මෙම ප‍්‍රශ්නය විසඳීමට සූදානම් වනවා ද යන්නයි.
බටහිර ආරක්‍ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට යුක්රේනයට වුවමනාව තිබුණත් ට‍්‍රම්ප් එ් සඳහා ද වැඩි සහයෝගයක් දෙන පාටක් දක්නට ලැබුණේ නැත. එය රුසියාවේ වුවමනාවන්ට සමාන්තරව යන්නකි. යුක්රේනය නේටෝ සංවිධානයට බැඳෙනවාට රුසියාව ද විරුද්ධ ය.
මෙම සාම කි‍්‍රයාදාමයට අදාළව පසුගිය සතිවල ඇමරිකානු සහ රුසියානු නියෝජිත කණ්ඩායම් අතර සාකච්ඡුා වට දෙකක් පැවැත්වුණු අතර එ්වාට යුක්රේනයට ආරාධනා කෙරුණේ නැත. මෙය ද යුක්රේන නායකයන් තුළ යම් සැකයක්, නොසතුටක් ඇති කර තිබිණි.
බටහිර ආරක්‍ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට යුක්රේනයට වුවමනාව තිබුණත් ට‍්‍රම්ප් එ් සඳහා ද වැඩි සහයෝගයක් දෙන පාටක් දක්නට ලැබුණේ නැත. එය රුසියාවේ වුවමනාවන්ට සමාන්තරව යන්නකි. යුක්රේනය නේටෝ සංවිධානයට බැඳෙනවාට රුසියාව ද විරුද්ධ ය.
මේ වනවිට රුසියාව අල්ලාගෙන සිටින යුක්රේන භූමි ප‍්‍රදේශ ආපසු ලබා ගැනීමට යුක්රේනයට වුවමනා වුවත් රුසියාව එ්වා ආපසු භාර දීමට සූදානම් නැත. ඇමරිකාව ද මෙම භූමි ප‍්‍රදේශ සම්බන්ධයෙන් සිටින්නේ රුසියාවට වාසිදායක ස්ථාවරයක බව පෙනේ. සාම ගිවිසුමක දී මෙම සියලූ භූමි ප‍්‍රදේශ යුක්රේනයට නොලැබෙනු ඇති බවක් ඇමරිකාව ඉඟි කර තිබිණි.
ඇමරිකාවේ සාම වෑයම රුසියාවේ වුවමනාවන් සමග සමපාත වන්නක් ද යන සැකය යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුලූ නායකයන් තුළ ඇති වූයේ මෙවැනි පසුබිමක් තුළ ය.
කෙසේ හෝ වේවා, මෙම සැකසංකා නිසා ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර පසුගිය දිනවල විශාල ආතතියක් සහ ගැටුම්කාරී තත්වයක් ද ඇති විය. ට‍්‍රම්ප් සෙලෙන්ස්කි ඉලක්ක කර විවිධ වාග් ප‍්‍රහාර එල්ල කිරීමට ද පටන් ගත්තේය. වරක් ට‍්‍රම්ප් සෙලෙන්ස්කිව හැඳින්වූයේ එ්කාධිපතියකු ලෙසිනි. එ් යුක්රේනය තුළ පසුගිය කාලයේ මැතිවරණ නොපැවැත්වීම නිසා ය. නමුත් එම මැතිවරණ නොපැවැත්වූයේ යුද තත්වය තුළ එ්වා පැවැත්වීමට හැකි තත්වයක් නොපැවැති බැවිනි.
ට‍්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර වර්ධනය වූ ආරෝව උච්ඡුස්ථානයකට පත් වූයේ මෙයට ටික දිනකට පෙර සෙලෙන්ස්කි ට‍්‍රම්ප් හමු වීමට ඇමරිකාවේ ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේ ය. එහි දී ඔවුන් අතර දරුණු වචන හුවමාරුවක් සිදු වූ අතර අවසානයේ සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස පවසා තිබූ බව ද වාර්තා විය. යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයට පැමිණියේ යුක්රේනයේ ඛණිජ සම්පත්වලට අදාළ ගිවිසුමකට ද අත්සන් කිරීම සඳහා යි. නමුත් ඔහු ඇමරිකාවෙන් පිටව ගියේ එයට ද අත්සන් නොතබා ය.
මෙම උණුසුම් ගැටුම්කාරී තත්වය තුළ ට‍්‍රම්ප් ගේ සාම වෑයමට කුමක් සිදු වේවි ද යන පැනය බොහෝ පාර්ශ්ව තුළ මතුවන්නට විය.
කෙසේ වෙතත් යුක්රේනය සාම කි‍්‍රයාදාමයට එකඟ කරවා ගැනීම සඳහා ට‍්‍රම්ප් ඉතා උපායශීලී පියවර කිහිපයක් පසුගිය දිනවල අනුගමනය කළේය. එවැනි එක් පියවරක් වූයේ ඇමරිකාව යුක්රේනයට දෙන යුද ආධාර අත්හිටුවීම යි.
ට‍්‍රම්ප් යුද ආධාර නතර කිරීම යුක්රේනයට දැවැන්ත බලපෑමක් කරන කාරණයකි. ට‍්‍රම්ප් මෙම තීරණය ගැන නිවේදනය කළේ පසුගිය 3 වැනි දින යි. ඊට දින දෙකකට පසු ඔහු තවත් තීරණයක් ගත්තේය. එනම් යුක්රේනය සමග බුද්ධි තොරතුරු බෙදා ගැනීම නතර කිරීමට යි. ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයකින් තොරව යුද්ධයක් කිරීමට නොහැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
යුක්රේනය පසුගිය කාලය පුරාම රුසියාව සමග යුද්ධ කළේ ඇමරිකානු ආධාරවලින් ලැබුණු ශක්තිය මත පිහිටමිනි. හිටපු ජනාධිපති ජෝ බයිඞ්න් යුකේරනයේ ඉතා සමීප මිතුරෙකු වූ අතර ඔහුගේ කාලයේ ඇ. ඩොලර් බිලියන ගණනින් යුක්රේනයට ආධාර ලබා දුන්නේය.
මෙම තත්වය තුළ ට‍්‍රම්ප් යුද ආධාර නතර කිරීම යුක්රේනයට දැවැන්ත බලපෑමක් කරන කාරණයකි. ට‍්‍රම්ප් මෙම තීරණය ගැන නිවේදනය කළේ පසුගිය 3 වැනි දින යි. ඊට දින දෙකකට පසු ඔහු තවත් තීරණයක් ගත්තේය. එනම් යුක්රේනය සමග බුද්ධි තොරතුරු බෙදා ගැනීම නතර කිරීමට යි. ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයකින් තොරව යුද්ධයක් කිරීමට නොහැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ට‍්‍රම්ප් විසින් ගන්නා ලද පියවර නිසා සෙලෙන්ස්කි තරමක් සැලූණු බවක් දක්නට ලැබිණි. මේ වනවිට ඔහු ට‍්‍රම්ප් ගේ සාම කි‍්‍රයාදාමයට කැමැත්ත පළ කරමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. ඔහු ට‍්‍රම්ප් වෙත ලිපියක් එවන ලද බවක් ද පසුගිය දිනවල වාර්තා විය. සාම සාකච්ඡුා සඳහා එළැඹීමට ඔහු එ් තුළින් එකඟතාව පළ කර තිබිණි. මේ අතර සෙලෙන්ස්කි ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවක ද සටහනක් පළ කළේය. කල් පවත්නා සාමයක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති ට‍්‍රම්ප් ගේ ශක්තිමත් නායකත්වය යටතේ කටයුතු කිරීමට තමා සූදානම් බවක් ඔහු එහි පවසා තිබිණි. කලින් සෙලෙන්ස්කිට දැඩි වාග් ප‍්‍රහාර එල්ල කළ ට‍්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය අගය කර තිබෙනු ද දැකිය හැකි විය.
කෙසේ හෝ වේවා, මෙම අලූත් තත්වය තුළ නැවතත් යුක්රේන සාම කි‍්‍රයාදාමය පිලිබඳ බලාපොරොත්තු වර්ධනය වෙමින් තිබේ. යුක්රේන නියෝජිතයන් සහ ඇමරිකානු නියෝජිතයන් අතර සාකච්ඡුාවක් ලබන සතියේ සෞදි අරාබියේ රියාද් නුවර දී පැවැත්වෙනු ඇති බව ද සඳහන් ය. ට‍්‍රම්ප් සහ සෙලෙන්ස්කි යන දෙදෙනාම මේ බව තහවුරු කරමින් ප‍්‍රකාශ නිකුත් කර තිබේ. සාම කි‍්‍රයාදාමයක මූලික පියවර ගැන මෙහි දී සාකච්ඡුා වනු ඇතැයි සඳහන් වේ.
නිහාල් පීරිස්