යුගදනවි කොටස් අමෙරිකාවට පවරාදීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සමඟ කාදිනල් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම මනින් ඉල්ලා ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පනස් හතර දෙනෙකු මේ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.ඒ අතරට නිව් ෆෝට්රස් අමෙරිකානු සමාගමද ඇතුළත් ය.