යුගදනව් කැබිනට් පත්‍රිකාව ගැන අපි අධිකරණයට යනවා;ඒ ලෝක ඉතිහාසයේ මුල් වරට

යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බවට අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එලෙස කැබිනට් පත‍්‍රිකාවකට විරුද්ධව අමාත්‍යවරුන් තිදෙනෙකු අධිකරණයක් හමුවට ඉදිරිපත් වන්නේ ලෝක ඉතිහාසයේත් ලංකා ඉතිහාසයේත් පළමු වතාවට බව ද ඔහු පැවසීය.

එම ගිවිසුමේ රටට අහිතකර කරුණු ඇති බවත් ඉදිරි අධිකරණ ක්‍රියාවලියේ දී ඒවා සාකච්ඡාවට බඳුන් වනු ඇති බවත් අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසීය.

විමල් වීරවංශ මහතා සමඟ වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන රාජ්‍ය අමාත්‍යවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

කාලීන පුවත්