යුගදනවි බලගාර පෙත්සම් පහම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

කෙරවලපිටිය යුගදනවි බලගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබේ. මෙම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය . බුවනෙක අඵවිහාරේ. ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල් ටී බී දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. එම විනිසුරු මඩුල්ල ඒකමතිකව එම තීන්දුව ලබාදී ඇත.

කාලීන පුවත්