ශ්රී ලංකාවේ ඉති කොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වන කෙලවරපිටිය යුග දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා නිශ්චිත එකඟතාවක් ඇති කර ගත් බව ඇමරිකාවේ නිව් ෆෝට්රස් බලශක්ති සංස්ථාව සහ ශ්රී ලංකා රජය ඒකාබද්ධව නිවේදනය කොට ඇත.නිව් ෆෝට්රස් බලශක්ති ආයතනයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී වෙස් එඩන්ස් පැවසුවේ “මෙය ශ්රී ලංකාව පිරිසිදු ඉන්ධන හා වඩා විශ්වාසදායක, දරා ගත හැකි බලයක් වෙත මාරුවීමේ වැදගත් සන්ධිස්ථානයක්” බවයි.
“තිරසාර ආර්ථික සංවර්ධනයට සහ පාරිසරික ප්රතිලාභ සඳහා සහය වන නවීන බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන් ශ්රී ලංකාව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කොට ඇත.නමුදු මෙම ක්රියා මාර්ගය සම්බන්ධයෙන් විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහක් ද දැඩි විරෝධය පළ කොට ඇත.