යුගදනවි සාකච්ඡාව උනුසුම්;අරගලය දිගටම

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ(28) පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත. පැය හතරහමාරක් පමණ පැවැති මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගී වී ඇත.එම බලාගාර කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම නිසා සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසීය.මෙහි දී අගමැති වරයා දැඩි නිහඬතාවයක් පළ කොට ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්