සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුග දනවි බලාගාර ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුම වීමට තරම් කාරණයක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එහි දී අමාත්‍ය වරයා තම අදහස් පළ කරන ලද්දේ මෙලෙසිනි.
“දැන් ඕක සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරලා, ඒ සාකච්ඡාව දිග්ගැස්සුණා. ඒක ඉදිරියට කරන්න තියෙනවා.
ඉතින් අමාත්‍ය මණ්ඩලයට ගිවිසුම ඉදිරිපත් කළාට පස්සේ ඔය කාගේ හරි අතට යන එක පුදුම වෙන්න කාරුණක් නෙමෙයි,අපේ රටේ හැටියට.”මෙම යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශවයක් හා රජය අතර ද මතභේදාත්මක තත්වයක් හට ගෙන තිබේ.