යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසයි.

යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු කිරීම අරමුණු කරගනිමින් ඔවුන් මෙම වීඩියෝ පට මුදාහැර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ ප්‍රකාශක් සිදුකරමින් කියා සිටියි.

කාලීන පුවත්