යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය දහයක් කොළඹට

විශේෂ යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය දහයක් අද(15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට ළඟා වී තිබේ.මේවා අතුරින් හලාවත සිට පැමිණෙන “මුතු කුමාරි” දුම්රිය හැරුණු කොට සෙසු දුම්රිය සඳහා මගීන් වැඩිම පිරිසකට ගමන් කළ හැකි ද්විත්ව බලවේග කට්ටල(Dual power set ) යොදවා තිබූ අතර ඇතැම් දුම් රිය වල එතරම් මඟී තදබදයක් නොතිබූ බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්