යුවාන් වැන්ග් 5 නැව කලින්ම පිටත් වෙයි

යුවාන් වැන්ග් 5 නැව කලින්ම පිටත් වෙයි ඊයේ(16) සිට ලබන 22 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට අවසර සහිතව හම්බන්තොට වරායට සේන්දු වූ යුවාන් වැන්ග් 5 නෞකාව ලබන 19 වනදා හම්බන්තොට වරායෙන් පිටත් වීමට කටයුතු යොදා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන හම්බන්තොට වරාය ආරංචි මාර්ග සඳහන් කරනුයේ යුවාන් වැන්ග් 5 නෞකාව මෙලෙස හම්බන්තොට වරායට පැමිණියේ නෞකාවට අවශ්‍ය ඉන්ධන, ආහාර ඇතුළු සේවා සැපයුම් ලබාගැනීම පිණිස වන අතර එම කටයුතු. සම්පූර්ණ කර ගත් නෞකාවක් තව දුරටත් වරායේ රැඳී නොසිටීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවකි.එහෙත්,එම නැව සම්බන්ධයෙන් හට ගත් ආන්දෝලනය මුල් කොට එය වරායෙන් පිටත් වීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මුල් කොට ප්‍රවෘත්තියක් නිර්මාණය වී ඇතැයි ද හම්බන්තොට වරාය ආරංචි මාර්ග සඳහන් කරයි

කාලීන පුවත්