යුවාන් වැන්ග් 5 නැව හෙට සිට හම්බන්තොට

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව ඇති චීනයේ යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවට හෙට(16) හම්බන්තොට වරායට ඇතුල්වීමට අවසර දෙමින් වරායට ඇතුලුවීමට අදාළ ලිපි විදේශ කටයුතු අමාත්‍යංශය හාබර් මාස්ටර් වරයා වෙත යොමු කර ඇත. ලබන 22 වැනි දා දක්වා එය නැංගුරම් ලා තැබීමට අවසර දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශය හාබර් මාස්ටර් වරයාගෙන් ඉල්ලා තිබේ.මෙම නෞකාව පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද ඉන්දියාවෙන් එල්ල වු විරෝධය හමුවේ එහි පැමිණීම ප්‍රමාද කරමින් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ කලාපීය ආරක්ෂාව බලපෑම් නොවන අයුරින් කටයුතු කරන අතර රට පත්ව ඇති මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට මේ මොහොතේ විදෙස් රටවල සහාය අත්‍යවශ්‍ය බවයි.

කාලීන පුවත්