යූරියා නැවත් දින දෙකක් ප්‍රමාදයි

ජුලි මස 6 වනදා දිවයිනට පැමිණීමට නියමිත යූරියා මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාව තවත් දින දෙකකින් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නෞකාව ප්‍රමාදවී හෝ මෙරටට පැමිණීමෙන් පසු අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා සලාක ක්‍රමවේදයක් යටතේ කිලෝග්‍රෑම් 50 යූරියා බෑගයක් රුපියල් දස දහසක් වැනි මිලකට ලබාදීමට කටයුතු කරන බව ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්