යූරියා බෙදීමේ අඩු පාඩු හොයන්න විගණනයක්

මෙවර යල කන්නය සදහා යුරියා පොහොර බෙදා හැරීමේ දී යම් යම් අඩුලුහුඩුකම් දුර්වලතා මෙන්ම අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීම් කර ගැනීම සහ ඒවාට අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූල සහ නීතිමය පියවර ගැනීම පිණිස ඒ සම්බන්ධ පොහොර බෙදා හැර අවසන් කළ වහාම ඒ පිළිබද පූර්ණ විගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.මේ වන විට යල කන්නය සදහා යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු සීයට අනූ අටක් අවසන් කර ඇති අතරඉතිරි සීයට දෙකක ප්‍රමාණය මේ සතිය තුළ අවසන් කරන බව අමාත්‍යංශය කියයි.කෙසේ හෝ මෙවර ලැබුණු යුරියා පොහොර බෙදා හැරීමේ දී සිදු වූ ප්‍රමාදයන් මත ඒවා ඉදිරි මහ කන්නය සඳහා භාවිතා කිරීමට යොදා ගන්නා බව බොහෝ ප්‍රදේශ වල ගොවීහු කියති.

කාලීන පුවත්