යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා අද (27) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 50 බැගින් වූ බැඳුම්කර දෙකක් යටතේ ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.නඩුව තවදුරටත් පැවැත්වේ.කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් සිදු කරන ලද දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව මෙම තීරණය ගන්නා ලදී. මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සිදු වූයේ පසුගිය 25 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදී ය. ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක වටිනාකමක් ඇති නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.

කාලීන පුවත්