පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ පොදු එකඟත්වය පළ වී ඇත.ඒ අනුව යළි කෝප් කමිටුව රැස් වූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ද එහි දී තීරණය වී ඇත.කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක කළ හැක්කේ සභාපති රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව ද කතානායකවරයා පක්ෂ නායකයන් අමතා ප්‍රකාශ කර තිබේ.