රජගල තැන්නෙන් මතු වූ අතීතය

රජගලතැන්න කැනීම්වලදී රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්තුප 8 ක් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ හිටපු මහාචාර්ය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී.මණ්ඩාලවල මහතා පැවසීය.

ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේදී රජගලතැන්න පුරාවිද්‍යා බිමේ කැණිම් කටයුතු ආරම්භ කළේය.

මිහිදු මහා රහතන් වහන්සේ ගේ ධාතූන් තැන්පත් ස්ථුපය පිළිබදව එය සොයා බැලීමේදි ස්ථුපය වටා පාෂණවලින් සකස් කරන ද වේදිකාවක් සොයා ගෙන ඇත.

පසුව එය සංරක්ෂණය කර එම ස්ථානයට උඩින් ගල්කුට්ටි තිබූ ස්ථාන කැණිම් කිරීමේදි සුවිශේෂ වශයෙන් ස්ථුප ගණනාවක් හමු වී ඇත.

කාලීන පුවත්