රජයේ ආයතනවල පඩි වාර දෙකකට

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන්  මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.

මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන ඇත්තේ රටේ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන බව වාර්තා වේ.

කාලීන පුවත්