රජයේ රෝහල් වල පිළිකා,වකුගඩු ආබාධ,හෘද රෝග සහ දියවැඩියා ඖෂධ හිඟයක්

රජයේ රෝහල් වල පිළිකා,වකුගඩු ආබාධ,හෘද රෝග සහ දියවැඩියා ඖෂධ හිඟයක් මේ වන විට රජයේ රෝහල් බොහොමයක පිළිකා,වකුගඩු ආබාධ,හෘද රෝග සහ දියවැඩියාව යන රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා අද(12) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.පිළිකා රෝග සඳහා මූලික අවස්ථාවේ ලබා දෙන ඖෂධ වර්ග අටක හිඟයක් පවතින අතරේ පිළිකා රෝගීන් සඳහා වන ඖෂධීය ප්‍රතිකාර ලබා දීම මේ වන විට 60%කින් පමණ අඩාල වී ඇතැයි ඒ මහතා කීය.

කාලීන පුවත්